කොවිඩ් එන්නත් තවමත් තියෙන්නෙ පරීක්ෂණ මට්ටමේ – මහාචාර්ය නීලිකා මලවිගේ
කොවිඩ් 19 සඳහා දැනට අත්හදා බලා තිබෙන එන්නත් වර්ග 3 පිළිබඳ අවම වශයෙන් දෙසැම්බර් මාසය අවසන් වනතුරුවත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සුදුසු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසා තිබේ.
ඇමරිකාවේ නව එන්නත එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් එන්නත, ඇමරිකාවේ මොඩනා එන්නත් යන එන්නත් තුනම තවම අත්හදා බලා ඇත්තේ මාස 2ක කාලයක් බවත් අවම වශයෙන් තවත් මාස දෙකක කාලයක්වත් මෙම එන්නත්වල වාර්තා අධ්‍යනය කළ යුතු බවත් ඇය පෙන්වා දී තිබේ.
සාමාන්‍යයෙන් ඩෙංගු වැනි රෝග සඳහා ලබාදෙන එන්නත වසර 05ක් වැනි කාලයක් අත්හදා බලන බවත් කොවිඩ් 19 වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් නිසා මේ ආකාරයෙන් කඩිනමින් එන්නත් අත්හදා බැලීමට සිදුව ඇති බවත් මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.
ඇය පවසන පරිදි ඇමරිකාවේ නව එන්නත පුද්ගලයන් 45000ට සායනික පර්යේෂණයකට ලක්කර තිබෙන බවත් එම එන්නත ලබාදුන් 22500ගෙන් කොවිඩ් 19 වැළඳී ඇත්තේ පුද්ගලයන් 08දෙනෙකුට පමණක් බැවින් මෙම නව එන්නත හොඳ ප්‍රතිපල පෙන්වා තිබේ.
මෙම සියලුම එන්නත් තව මාස 2ක්වත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව කොපමණ කාලයකට කොවිඩ් වෛරසය ශරීරගත නොවී සිටිය හැකිද යන්න ගැන යම් අවබෝධයක් ලැබිය හැකි බව මහාචාර්ය නීලිකා මලවිගේ වැඩිදුරටත් පවසා තිබේ.
The post කොවිඩ් එන්නත් තවමත් තියෙන්නෙ පරීක්ෂණ මට්ටමේ – මහාචාර්ය නීලිකා මලවිගේ appeared first on Lanka Views | Views of the truth.