කෝවිඩ් වසංගතයේ මුවාවෙන් පුරවැසි අයිතිය ආක්‍රමණය කරන ආණ්ඩුවේ උත්සාහයට විරෝධය!

- lankaviews.com

වසංගත සමයක සෞඛ්‍යාරක්ෂාව පිණිස 1927 පනවන ලද නිරෝධායන පනතට අනුව කටයුතු කිරීම ඉක්මවා යමින් පුද්ගලයකුගේ මූළික අයිතිවාසිකම් හා සමාජ නිදහස ආක්‍රමණය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇත.

මේ වනවිට වසංගතය මර්දනය කිරීමේ අරමුණ පෙන්වමින් ක්‍රියාත්මකවන ක්‍රියාදාමය තුළ මර්දනකාරී පියවර ගණනාවක් සමාජ අවධානයට ලක්ව ඇත.

විශේෂයෙන්ම පුද්ගලිකත්වය උල්ලංඝනය කරමින් තොරතුරු ඩිජිටල් දත්ත ගබඩාවකට ඒකරාශි කිරීම හා රෝගී පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවට ඔවුන් සමාජ අනතුරක් ලෙසත් පිටමං කළයුතු පුද්ගලයන් ලෙසත් සලකුණු කිරීමේ ක්‍රියාදාමයක් StaySafe මගින් හඳුන්වා දී ඇත. රෝගී පුද්ගලයන් හඳුනාගැනීම සෞඛ්‍ය සේවයට අයත් වගකීමක් වන අතර රෝගී පුද්ගලයන්ට ඒ බව දැනගැනීමට හා ප්‍රතිකාර ගැනීමට අයිතිය ඇතත් ඉන් ඔබ්බට ගොස් හංවඩු ගැසීමකින් සමාජයෙන් කොන් කිරීමේ ක්‍රියාදාමයක් පිළිගත නොහැකිය. මගින් සිදුවන්නේ එබඳු කෙනෙහිලිකමක් බව විරෝධය පළකරනවුන්ගේ අදහසයි. සාමාන්‍ය සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම හා වැඩි වැඩියෙන් පරික්ෂණ සිදු කිරීම මෙන්ම රෝගී පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර වාට්ටු හා දැඩි සත්කාර පහසුකම් නැංවීමට ආණ්ඩුව පියවර ගෙන නැති බවත් ඒ වෙනුවට නිවෙස් තුළටම වී සිටින ලෙස දැනුම් දෙමින් රෝගීන් අසරණව නිවෙස්වල පීඩාවට පත්කර ඇති බවත් චෝදනා නැගී ඇත.

මේ අතරම පෞද්ගලිකත්වය හා සාමජ නිදහස උල්ලංඝනය කරමින් ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා මගින් අවසරයෙන් වීඩියෝ හා ඡායාරූපගත කිරීම සඳහා සන්නද්ධ හමුදාවලින් නව රෙජිමේන්තුවක් පිහිටුවා තිබීම විරෝධයට ලක්ව ඇත. නගරයක, රජයේ කාර්යාලයක හෝ පෞද්ගලික නිවස්නයක ආරක්ෂාවට රහසිගත කැමරා සවි කිරීමේදී ආරක්ෂාව සම්බන්ධ පිළිගත හැකි කරුණක් තිබෙන නමුත් ජනාවාස මැදට ගුවනින් ඔත්තු බලන කැමරා යැවීම පිළිගත් මානව සදාචාරයට පටහැනි බව අවධාරනය කෙරේ. ජනතාව නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ අවස්ථා සම්බන්ධව, මහජන පරික්ෂකවරුන්ට, පොලිසියට හෝ වෙනත් සෞඛ්‍ය සේවා නිලධාරින්ට මැදිහත් වීමේ අවස්ථාව ඇත. එසේ තිබියදී ආරක්ෂක හමුදා යෙදවීමේදී ජනතාව ප්‍රකෝප කිරීමක් සිදුවන බවද පෙන්වා දී ඇත. මේ වනවිටත්, ඩ්‍රෝන හිරිහැරයක් නම් කැටපෝල පාවිච්චි කරන ලෙසත් මිනිස් නිදහස උල්ලංඝනය කිරීමකදී ඊට එරෙහිවීමට මානව අයිතියක් බවද අදහස් පළ වෙමින් තිබේ.

මහින්ද රාජපක්ෂ පාලනයේ මර්දනකාරී පියවර නිසා 2015 පරාජයට පත්වීමෙන් පසුවද, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ බිහිව ඇත්තේ ජනසමාජයක තිබිය යුතු මූලික අයිතිවාසිකම්, මානව හිමිකම්, පෞද්ගලිකත්වයේ අයිතිය හා සමාජ නිදහස පිළි නොගන්නා පාලනයක් බවත් මෙම තත්වය සම්බන්ධ වහාම විරෝධය පළ කළ යුතු බවටත් සමාජ ක්‍රියාකාරිකයෝ අනතුරු අගවති.

The post කෝවිඩ් වසංගතයේ මුවාවෙන් පුරවැසි අයිතිය ආක්‍රමණය කරන ආණ්ඩුවේ උත්සාහයට විරෝධය! appeared first on Lanka Views | Views of the truth.

You may also like

- adaderana.lk

President Ranil Wickremesinghe has departed for New Delhi a short while ago at the invitation of Indian Prime Minister Shri Narendra Modi.

- adaderana.lk

The stretch of road at Pahala Kadugannawa along the Colombo-Kandy road is now open for traffic once again.

- adaderana.lk

The Meteorology Department says several spells of showers will occur in Western, Sabaragamuwa, North-western and Southern provinces and in Kandy and Nuwara Eliya districts today.

- island.lk

South Africa made heavy weather of a modest chase in New York before David Miller and Tristan Stubbs dug deep to save them from a third straight defeat at Netherlands’ hands at an ICC tournament. Miller and Stubbs added 65 for the fifth wicket to lift them from the pits of 12 for 4 on […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 09 June 2024 by the Department of Meteorology Several spells of showers will occur in Western, Sabaragamuwa, Northern, North-central, North-western and Southern provinces and in Kandy and Nuwara Eliya districts. Fairly heavy showers above 50 mm are likely at some places in Sabaragamuwa province and  Nuwara Eliya district.  […]

- island.lk

Colombo (AFP) – Sri Lanka said Friday they have complained to the International Cricket Council over their T20 World Cup team’s treatment and conditions in co-host the United States.The sports minister Harin Fernando alleged other teams had it better and said Sri Lanka had lodged a formal protest after the squad was held up by a […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc