බස්නාහිරින් පිටවීමේ තහනම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

- itnnews.lk

බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම තහනම් කරමින් පනවා තිබූ සංචරණ තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති පොලිස් වසම් 12 ට අමතරව තවත් පොලිස් වසම් කිහිපයක් හුදෙකලා කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව දැනට හුදෙකලා කර ඇති පොලිස් වසම් 12 ට අමතරව මරදාන , කොටුව , පිටකොටුව , කොම්පඤ්ඤවීථිය සහ ඩෑම් වීථිය යන පොලිස් වසම් හෙට උදෑසන පහේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර තිබෙනවා.එම පොලිස්වසම්වල පිහිටා ඇති ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා, උසාවි කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාහැකි වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට හුදෙකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් අද උදෑසන පහේ සිට එම තත්ත්වයෙන් ඉවත්කර තිබෙනවා. මීගමුව , ජා ඇල , රාගම , කඩවත , වත්තල, පෑලියගොඩ යන පොලිස් වසම් තවදුරටත් හුදෙකලා කර තිබෙනවා. කැලණිය පොලිස් වසම ද හෙට උදෑසන පහේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව පොලීසිය නිවේදනය කරනවා.

මෙතෙක් හුදෙකලා කර තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහ නගර සභා සීමාව , කුලියාපිටිය පොලිස් වසම , කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ ඉංගිරිය පොලිස් වසම් මෙන්ම වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ මාවනැල්ල පොලිස් වසම් අද උදෑසන පහේ සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ  හීල් විදියේ කොටසකට සහ වික්‍රමසිංහ පෙදෙසෙහි කොටසකට ඊයේ දින සිට තාවකාලිකව සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. ප්‍ර‌ෙද්ශයේ  වෙළෙඳසැලක හිමිකරුවකුට කොවිඩ් 19 වැළඳී ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් පසුවයි මෙම ක්‍රියාමාර්ගය ගැනුණේ. ඔහු ඇසුරු කළ පුද්ගලයන් හඳුනාගන්නා තුරු මෙම සංචරණ සීමාව ක්‍රියාත්මක බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන  සෞඛ්‍ය පරික්ෂක ආර්.ජී සිංහබාහු මහතා සඳහන් කළා.

 

The post බස්නාහිරින් පිටවීමේ තහනම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් appeared first on ITN News.

You may also like

- adaderana.lk

The Department of Meteorology says that showers or thundershowers will occur at several places in most provinces of the island after 2.00 p.m. today (10).

- colombotelegraph.com

[…]The post Ignoring The Whale, While Hooking The Sprat  appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Unraveling The Root Causes Of Sri Lanka’s Foreign Currency Crisis appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post From Socialism To Success: Sweden’s Economic Evolution appeared first on Colombo Telegraph.

- island.lk

Left-arm spinning allrounder Dunith Wellalage has made Sri Lanka’s squad for the 2024 T20 World Cup despite never having played a T20 international. Top-order batter Kamindu Mendis  and round-arm seamer Nuwan Thushara are also in the 15. From the older cohort, Angelo Mathews, Dhananjaya de Silva, and Dasun Shanaka also find places in the squad. […]

- island.lk

Donald Trump’s defence lawyer is cross-examining adult film star Stormy Daniels, the most high-profile witness to testify so far in the former United States president’s New York criminal trial. Daniels’s account of an alleged sexual encounter with Trump in 2006 riveted jurors earlier this week and served as a reminder to US voters of the […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc