ධීවරයන්ගේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා ක්‍රමවේදයක්
සුළු පරිමානයේ ධීවරයන්ගේ ආර්ථිකය පවත්වාගෙන යාම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බන්ඩාර මහතා පවසනවා.
වත්මන් තත්ත්වය තවදුටත් පැවතිය හොත් ධීවරයින් විසින් මත්ස්‍ය අස්වැන්න මිලදීගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේ. පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා මේ බව කියා සිටියා. නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ සතිපොල යළි ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් ප්‍රියන්ත මහතා මෙහිදී පැවසුවා. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙනුයි රැස්වීම පැවැත්වුණේ.
කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම සදහා දිස්ත්‍රික් 306 බී 02 සිංහ සමාජය රුපියල් මිලියන 3.5 ක වටිනාකමකින් යුතු පරිත්‍යාග සිදු කර තිබෙනවා. ඒ අනුව පුද්ගල ආරක්ෂක ඇදුම් කට්ටල 1350 ක් සහ රෙදි සෝදන යන්ත්‍ර 25 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමට සිංහ සමාජය කටයුතු කළා.ඒ සිංහ අනුර දිසානායක සහ සිංහ ජෙරාඩ් කල්දේරා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා වෙත මෙම භාණ්ඩ භාරදීම සිදු කෙරුණා.
The post ධීවරයන්ගේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා ක්‍රමවේදයක් appeared first on ITN News.