වැම්කෝ සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ මිය ගිය සංඛ්‍යාව 67 දක්වා ඉහළට
පිලිපීනයට බලපා ඇති වැම්කෝ සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 67 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ ඒජන්සිය නිවේදනය කරන්නේ. සුළිකුණාටුව හේතුවෙන් දැඩි සුළං සහ අධික වර්ෂාපතනයත් සමඟ පිලිපීනයේ ප්‍රාන්ත කිහිපයක සාමාන්‍යය ජන කටයුතු අඩාල වී තිබෙනවා. මැනිලා අගනුවර ප්‍රදේශ කිහිපයක්ම ගංවතුරෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ. රැම්කෝ සුළිකුණාටුව පැයට කිලෝමීටර් 165 ක වේගයෙන් පිලිපීනයට ඇතුළු වූ බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම වසර තුළ පිලිපීනයට බලපෑ 21 වන සුළි කුණාටුව මෙයයි.
The post වැම්කෝ සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ මිය ගිය සංඛ්‍යාව 67 දක්වා ඉහළට appeared first on ITN News.