ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයේ නිවසක ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඇවරියවත්ත පොලීසිය සමත් වුණා.
ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ නිවස වටලන අවස්ථාවේදී එහි තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන යන්ත්‍රයක් හා රුපියල් පන්දහසේ දහසේ සහ පන්සියයේ මුදල් නෝට්ටු සොයා ගැනීමට හැකි වුනා. අදාළ පුද්ගලයා කලකට ඉහතදී කටුනායක ගුවන්තොටුපොළේ සේවය කළ අයෙකු බවයි හෙළිව තිබෙන්නේ. ගුවන් නියමුවෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි ඔහු සතුව තිබී ගුවන් නියමුවන් භාවිත කරන හැදුනුම්පතක්ද සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
The post ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.