ලබන වසර සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට
ලබන වසර සදහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් පසු එය දින 19 ක් විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර ඇත්තේ.
අනිද්දා සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනවා. දෙවන වර කියවීම පිලිබද ඡන්ද විමසුම ලබන 21 වනදා පස්වරු 05ට සිදු කරන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේ. ලබන 23 වනදා සිට කාරක සභා අවස්ථාව පිලිබද විවාදය පැවැත්වෙනවා. එය ලබන මස 10 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව කාරක සභා අවස්ථාව පිලිබද විවාදයෙන් පසු පැවැත්වෙන ඡන්ද විමසුම ලබන මස 10 වනදා පස්වරු 05ට පැවැත්වෙනු ඇති. අය වැය විවාදය සිදු කෙරෙන කාලසීමාවේදී පාර්ලිමේන්තුව දිනපතා පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වෙනවා. අනිද්දා සිට 20 වනදා දක්වා පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම පැවැත්වෙනවා. මේ මස 25 වනදා සිට ලබන මස 10 වන දා තෙක් ද පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීමට කාලය වෙන් කර තිබෙනවා.
The post ලබන වසර සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට appeared first on ITN News.