විල්පත්තුව කපපු නඩුවෙන් රිෂාඩ් වැරදිකරු වෙයි – පුද්ගලික වියදමින් කැලෑව වවන්න නියෝග
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයේ ජනාවාස සෑදූ ප්‍රදේශවල සිය පෞද්ගලික වියදෙමන් ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අභියාචානාධිකරණය අද නියෝග කළා.
විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එළි පෙහෙලි කර අනවසර ජනවාස ඉදිකිරීම නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය අද තීන්දු කළා. ඒ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි. ජනක්ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිදුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
The post විල්පත්තුව කපපු නඩුවෙන් රිෂාඩ් වැරදිකරු වෙයි – පුද්ගලික වියදමින් කැලෑව වවන්න නියෝග appeared first on ITN News.