මහ බැංකුව ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි
"ඕනෑම මහ බැංකුවක් මුදල් අච්චු ගහනවා. අලුතින් මුදල් නිකුත් කරන්න ඕනේ. ප්‍රශ්නය තියෙන්නේ නිකුත් කරන ප්‍රමාණය වැඩිවුණොත් උද්ධමනයට බලපානවා." නව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ අද සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.