රඹුක්කන විරෝධතාවට වෙඩි තැබූ සහ නියෝග දුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග
රඹුක්කන ජන විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ කළ, එවකට කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩි තැබීමට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත්වරිය අද (අප්‍රේල් 27) පොලිස්පතිවරයාට නියෝග කර සිටියාය.