රඹුක්කන සිද්ධියට පොලීසිය ගොනුකළ පෙත්සම් විභාගයට
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කිරිමට කෑගල්ල මහේස්ත්රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් ජූලි මස 12 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.