ලංකාවට ඉන්දීය හමුදාව එවන බව පළවන වාර්තා ඉන්දියාව ප්රතික්ෂේප කරයි
ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට එවන බවට ඇතැම් මාධ්‍ය තුළ හා සමාජ මාධ්‍ය තුළ පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරන බවට ඉන්දියාව අවධාරණය කරනවා.
ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය විසදීම සදහා රාජපක්ෂවරුන් ඉන්දීය හමුදා ඉල්ලා සිටීනම් ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට පිටත්කර හැරිය යුතු බව ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු මෙන්ම එරට හිටපු අමාත්‍යවරයෙකු වන සුබ්‍රමණියම් ස්වාමි ප්‍රකාශකර තිබුණා. ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීමට කටයුතු නොකරන බවයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ශ්‍රී ලංකා ජනතාව ඉල්ලා සිටින සෞභාග්‍ය වෙනුවෙන් ඉන්දියාව පෙනී සිටින බවද එම ට්විටර් පණිවුඩයේ සදහන්.
The post ලංකාවට ඉන්දීය හමුදාව එවන බව පළවන වාර්තා ඉන්දියාව ප්රතික්ෂේප කරයි appeared first on ITN News.