උතුරු කොරියාව බර අවි යොදාගනිමින් වෙඩි තැබීමේ අභ්යාසයක් පවත්වා ඇති බව දකුණු කොරියාව නිවේදනය කරයි
උතුරු කොරියාව කාලතුවක්කු ඇතුළු බර අවි යොදාගනිමින් වෙඩි තැබීමේ අභ්යාසයක් පවත්වා ඇති බව දකුණු කොරියාව නිවේදනය කරනවා.
ඇමෙරිකාව දකුණු කොරියාව සමග ඒකාබද්ධ යුද පුහුණුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරකමින් සිටියදීයි මෙය සිදුව ඇත්තේ. ඒකාබද්ධ යුද පුහුණුවට අවශ්‍ය ප්‍රහාරක ගුවන් යානා රැසක් ද මේ වනවිට දකුණු කොරියාවට පැමිණ තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේ දී උතුරු කොරියාව රොකට් ප්‍රහාර රැසක් ද එල්ල කර ඇති බව දකුණු කොරියා ආරක්ෂක අංශ සදහන් කරනවා. උතුරු කොරියාවේ බටහිර වෙරළ තීරය ආසන්නයේයි මෙම යුද පුහණුව සිදුකර ඇත්තේ. මෙම වසර තුළදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික සංචිත ඉහළ දමන බවට උතුරු කොරියා නායකයා ප්‍රතිඥා ලබාදුන් අතර මේ වනවිටත් මිසයිල රැසක් අත්හදා බැලීම සිදුකර තිබෙනවා.
The post උතුරු කොරියාව බර අවි යොදාගනිමින් වෙඩි තැබීමේ අභ්යාසයක් පවත්වා ඇති බව දකුණු කොරියාව නිවේදනය කරයි appeared first on ITN News.