ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද ජපානයේ තෝකියෝ නුවරදී සිදු කෙරුණා. එතුමන්ගේ අභාවය වෙනුවෙන් අද ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර තිබුණේ.
මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනක් අතරතුරදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් ෂින්සෝ අබේ මහතා පසුගියදා මිය යන විට 67 වන වියේ පසුවුණා. මැතිවරණ රැලිය අමතමින් සිටින අවස්ථාවේදී ඔහුට පිටුපසින් පැමිණි තුවක්කුකරු තැබූ වෙඩි පහරකිනුයි ඔහු ජීවිතක්ෂයට පත් වුණේ. අද දිනයේදි ෂින්සෝ අබේගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ජපානයේ ටෝකියෝ නුවරදී සිදු කෙරුණා. ෂින්සෝ අබේ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා විශාල පිරිසක් මාර්ග දෙපස රැස්ව සිටි ආකාරය විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.
මේ අතර ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කළා. එහිදී සටහනක් තැබූ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිඩෙයාකි මිසුකෝෂි මහතා ද හමුවුණා.
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අභාවයෙන් නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ පිං පැමිණවීමේ වැඩසටහනක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා . ඒ ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
The post ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවසන් කටයුතු සිදු කෙරේ appeared first on ITN News.