පොල්දූව විරෝධතාව අතරතුර පොලිස් නිලධාරියකු හා යුද හමුදා සොල්දාදුවෙකු තුවාල ලබයි
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවැත්වු විරෝධතාවක් පාලනය කිරීමට යාමේදී පොලිස් නිලධාරියකු හා යුද හමුදා සොල්දාදුවෙකු තුවාල ලබා තිබෙනවා.
විරෝධතාවය පාලනය කිරීමෙට යාමේදීයී මෙම සිදුවීම සිදුව ඇත්තේ.විරෝධතාකරුවන් පිරිසක් ආරක්ෂක නිලධාරීන්ට පහරදී ඇති අතර එම අවස්ථාවේ යුද හමුදා සෙබලා සතු ටී 56 ගිනි අවිය ද පැහැරගෙන ඇති බවට බොරැල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වැඩිදුර විමර්ශන කටයුතු වැලිකඩ හා බොරැල්ල පොලිස්ථාන මගින් සිදු කරනවා.
The post පොල්දූව විරෝධතාව අතරතුර පොලිස් නිලධාරියකු හා යුද හමුදා සොල්දාදුවෙකු තුවාල ලබයි appeared first on ITN News.