ඊශ්රායාලය ගාසා තීරයට ගුවන් ප්රහාරයක් එල්ල කරයි
ඊශ්‍රායාලය ගාසා තීරයට ගුවන් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
හමාස් සංවිධානය විසින් පවත්වා ගෙන රොකට් නිෂ්පාදනය කරන ස්ථානයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි ඊශ්‍රායල හමුදා සදහන් කරන්නේ. ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ සහ සෞදි අරාබියේ සංචාරයක නිරත වෙමින් සිටින අවස්ථාවක දී මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයක්.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් කිසිවෙකුටත් හානි සිදු වූ බවට වාර්තා ලැබී නැහැ. කෙසේවෙතත්, ප්‍රහාරය එල්ල වූ ස්ථානවලට දැඩි හානි සිදු වී ඇති අතර විශාල ගින්නක් ද ඇති වී තිබෙනවා.
දර්ශන
The post ඊශ්රායාලය ගාසා තීරයට ගුවන් ප්රහාරයක් එල්ල කරයි appeared first on ITN News.