වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ආ රැඳවූවෙකු අත්අඩංගුවට
වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ආ රැඳවූවෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාර කඳවුරේ රාජකාරී සිදුකළ නිලධාරීන් කණ්ඩායමක් කළ පරීක්ෂාවක දී හෙරොයින් රැගෙන ආ රැඳවූවෙකු අත්අඩංගුවට ගත්තා. ඒ බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය පරීක්‍ෂා කරන ස්ථානයේදීයි. අදාළ පුද්ගලයා ඉතා රහසිගත ලෙස යට ඇදුමක සඟවාගෙන බන්ධනාගාරය තුළට හෙරොයින් රැගෙන යාමට උත්සහ කර තිබෙනවා. ඔහු ළග තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 300 ක් පොලිසිය සොයාගත්තා. මෙම රැඳවියා වයස අවුරුදු 43 ක කිරුලපන ප්‍රදේශයේ පුද්ගලයෙක්.
The post වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ආ රැඳවූවෙකු අත්අඩංගුවට appeared first on ITN News.