ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කාදිනල් හිමිගෙන් විශේෂ ඉල්ලීමක්
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත විවෘත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ අනිද්දා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන්.
මේ තීරණාත්මක මොහොතේ තම පක්ෂ දේශපාලනික බල ව්‍යාපෘතින් සහ ඒවා ජය ගැනීම සදහා කෙරෙන මුදලට මන්ත්‍රිවරුන් මිලදී ගැනීම වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘ භූමියේ සහ එහි ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට හැකි නායකත්වයක් තෝරා ගැනීමට උපරිම දායකත්වය ලබා දෙන්නැයි උන්වහන්සේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් විවෘත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා.
මේ ලැබී ඇති වාසනාවන්ත ඓතිහාසික අවස්ථාව අතපසු නොකරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් එම මන්ත්‍රිවරුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
The post ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කාදිනල් හිමිගෙන් විශේෂ ඉල්ලීමක් appeared first on ITN News.