බණ්ඩාරනායක ප්රතිමාව අසල රැඳී සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට
අධිකරණ නියෝගයක් කඩකරමින් ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසල නිකරුණේ රැඳී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 10ක් පමණ දුර ප්‍රදේශයේ රැඳී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක පමණ ප්‍රදේශයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කළා.
පොලිසියද අඟහරුවාදා (26) උදෑසන ප්‍රතිමාවේ සිට මීටර් 50ක අරයක් මැනීමට කටයුතු කළා.
The post බණ්ඩාරනායක ප්රතිමාව අසල රැඳී සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.