අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය ළඟා කර ගැනීමට නොහැකි බව චීනය කියයි
තමන් අපේක්ෂා කළ වාර්ෂික ආර්ථික වර්ධන වේගය ළගා කර ගැනීමට මෙවර නොහැකි වනු ඇති බව චීන රජය පවසා තිබෙනවා.
චීන කොමියුනිස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී සදහන් කර ඇත්තේ යම් වර්ධනයක් අපේක්ෂා කළද වසරේ ආරම්භයේදී ප්‍රකාශ කළ සියයට 5.5ක ආර්ථික වර්ධන වේගය කරා ළගා වීමට නොහැකි වනු ඇති බවයි.
කොවිඩ් නොමැති රටක් යන ප්‍රතිපත්තිය යටතේ කටයුතු කිරීම නිසා චීනයේ ප්‍රධාන රැසක් වසා දැමීම පසුගිය කාලයේදී සිදුවුණා.
මේ හේතුවෙන් එරට ආර්ථික වර්ධන වේගය අඩාල වී තිබෙනවා. චීනයේ ආර්ථිකය අඩාල වීම සමස්ථ ලෝකයටම අඩු හෝ වැඩි වශයෙන් බලපාන බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.
The post අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය ළඟා කර ගැනීමට නොහැකි බව චීනය කියයි appeared first on ITN News.