ජනපති මැදුරෙන් හමුවූ මුදල් - හඬපට පොලිස් විමර්ශන ඒකකයට දෙන්නැයි නියෝග
ඉකුත් ජූලි මස 09 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයයේ තිබී සොයාගෙන කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට බාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල අධිකරණයට බාරදෙන තෙක් සිදුවූ සමස්ත ක්රියාවලියම විනය විරෝධී ක්රියාවලියක් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එස්. වික්රමසිංහ මහතා අද (05) කොටුව මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.