රුපියල් දහසේ සහ පන්දහසේ ව්යාජ නෝට්ටු මුද්රණය කළ තරුණයෙකු අත්අඩංගුවට
රුපියල් දහසේ සහ පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්රණය කළ තරුණයෙකු කන්කසන්තුරේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
27ත් හැවිරිදි වියේ පසු වූ අදාළ තරුණයා විසින් මුද්‍රණය කළ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 5 ක් නල්ලූර් කෝවිල් පරිශ්‍රයේ වෙළඳසැල්වලට ලබා දී භාණ්ඩ මිලට ගත් අවස්ථාවේදීයි කෝපායි පොලීසියේ නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා ලද පරිගණකයක් හා තවත් උපාංග කිහිපයක්ද මුද්‍රණය කරමින් තිබූ තවත් නෝට්ටු කීපයක්ද සැකකරු සමග පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
The post රුපියල් දහසේ සහ පන්දහසේ ව්යාජ නෝට්ටු මුද්රණය කළ තරුණයෙකු අත්අඩංගුවට appeared first on ITN News.