12 වැනි බෙයිජිං ජාත්යන්තර චිත්රපට උළෙලට ඉහළ සහභාගීත්වයක්
12 වැනි බෙයිජිං ජාත්යන්තර චිත්‍රපට උළෙල ඇරඹේ.
චීන මාධ්‍ය සමූහය සහ බෙයිජිං නාගරික රජය ඒකාබද්ධව සංවිධාන කළ එම චිත්‍රපට උළෙල 13වැනිදා බෙයිජිං හිදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යමකාරක සභාවේ ප්‍රචාරක කටයුතු දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂ, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙන්හයි ශියොං මහතා එහි සමාරම්භක උත්සවයට එක්විය.
නව යුගයේ චීන චිත්‍රපට කර්මාන්තය පෙර නොවූ විරූ ප්‍රගතියක් අත්කරගෙන සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව ඔහු එහිදී දේශනයක් පවත්වමින් කියා සිටියේය. එම ප්‍රගතිය දුටු චීන මාධ්‍ය සමූහය ඊට දායකත්වයක්ද ලබාදී ඇත. මේ වනවිට චීන මාධ්‍ය සමූහය බෙයිජිං, ශැංහයි හා චාංචුවෙන් නගර සහ හයිනැන් පළාත සමග එක්ව වෙන්වෙන්ව චිත්‍රපට උළෙල 4ක් සංවිධාන කර ඇත. චිත්‍රපටවල ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රවෘත්ති, ටෙලිනාට්‍ය, වාර්තා චිත්‍රපට හා කලාංග ඇතුළු රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය කිරීමට චීන මාධ්‍ය සමූහය කටයුතු කරන බව ෂෙන්හයිශියොං මහතා පැවසීය.
මෙවර බෙයිජිං ජාත්යන්තර චිත්‍රපට උළෙළ ලබන 20වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. උළෙලේ ප්‍රධාන තරග අංගය වන “Temple of Heaven”සම්මානය සඳහා චිත්‍රපට 1450ක් ඉදිරිපත්වී තිබේ. ඒ අතරින් 1193ක් රටවල්හා කලාප 88ක නිර්මාණයන්ය.
The post 12 වැනි බෙයිජිං ජාත්යන්තර චිත්රපට උළෙලට ඉහළ සහභාගීත්වයක් appeared first on ITN News.