එක්සත් රාජධානියේ වෙළෙඳ පැකේජයට ශ්රී ලංකාවත් එක්කර ගනී
යුරෝපා සංගමයේ ජී.එස්.පී සහනය (GSP) වෙනුවට බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමයට (DCTS) ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.
දැනටමත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට අපනයන කරන නිෂ්පාදනවලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් තීරුබදු රහිතව අපනයනය කිරීම මගින් ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිලාභ ලබනු ඇති බවත් බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම තුළින් බ්‍රිතාන්‍ය වෙත අපනයනය කරන ආහාර සහ රෙදිපිළි ඇතුළුව අතිරේක නිෂ්පාදන වර්ග 150 කට පමණ බ්‍රිතාන්‍යයේ ආනයන බදු කපා හැරීමක් හෝ සහනයක් හිමිවනු ඇතිබවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය ප්‍රකාශ කළා.
“එක්සත් රාජධානියේ ජීඑස්පී වෙනුවට නව යෝජනා ක්‍රමය 2023 දී බලාත්මක වන අතර එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව සමඟ අනාගත වෙළඳ අවස්ථා අපේක්ෂා කරයි,” ඇය පැවසුවා.
එක්සත් රාජධානියේ ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවට අනුව නව වෙළඳ යෝජනා ක්‍රමය රටවල් 65කට අදාළ වන අතර, එක්සත් රාජධානියට අපනයනය කිරීම සඳහා අඩු තීරුබදු සහ ප්‍රභවය අවශ්‍යතා පිළිබඳ සරල නීති ඉදිරිපත් කරයි.
The post එක්සත් රාජධානියේ වෙළෙඳ පැකේජයට ශ්රී ලංකාවත් එක්කර ගනී appeared first on ITN News.