අඹේවෙල ජලාශයේ පාවෙන හෝර්ටන් තැන්නේ ගෝනුන්
හෝර්ටන් තැන්නේ සැරිසරන ගෝනුන් රැසකගේ සිරුරු අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙනවා.
මියගිය ගෝනුන් දස දෙනෙකුගේ පමණ සිරුරු අඹේවෙල ජලාශය තුළ පාවෙමින් තිබෙන අයුරු දැකගත හැකි බවයි ප්‍රදේශයේ ධීවරයින් කියා සිටින්නේ. එම ප්‍රදේශයේ දඩයම් කරුවන් කිහිප දෙනෙකු ඇතිකරන සුනඛයින් දඩයම් සදහා හුරුකර හෝර්ටන් තැන්න රක්ෂිතයට මුදා හැර තිබෙනවා.
ජලය හා ආහාර සොයා පැමිණෙන ගෝනුන් මෙම සුනඛයන් විසින් සපා කා ජලාශය තුලට පන්නා දමන බවයි ධීවරයින් කියා සිටින්නේ.
ඉතා ගැඹුරු අඹේවෙල ජලාශය තුළ එම ගෝනුන් ගිලීමෙන් මිය යන බව ධීවරයින් වැඩිදුරටත් පවසනවා. වැලිමඩ රේන්දපොල සහ තලවකැලේ යන ප්‍ර දේශවලට අවශ්‍ය පානීය ජලය මෙන්ම වගා කටයුතු සදහා අවශ්‍ය කෙරෙන ජලය අඹේවෙල ජලාශයෙන් ලබා ගැනීම සිදුවනවා. එසේ වුවද මෙම ජලයේ දැඩි දුර්ගන්ධයක් ද පවතිනවා.
The post අඹේවෙල ජලාශයේ පාවෙන හෝර්ටන් තැන්නේ ගෝනුන් appeared first on ITN News.