තුන්කල් දක්නා නුවනින් වැඩකරන ජනාධිපතිතුමාට රට ගොඩගත හැකියි – මිහින්තලා රජමහා විහාරාධිපති හිමි කි...
තුන්කල් දක්නා නුවනින් වැඩකරන නායකයෙකු ලෙස මේ රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම රට ගොඩනගනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය
පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ පවසති.
“දෙයක් වේ නම් සුදුස්සාටම එය ලැබිය යුතුය” යන වදන සනාථ කරමින් වික්‍රමසිංහ මහතා අද මේ රටේ භාරකාරත්වයට පත්ව, වෙස් වළාගත් ආශිර්වාදයක් සේ රට ගොඩනැගීමේ වගකීමට උර දී සිටින බව
උන්වහන්සේ සඳහන් කළහ.
අද (21) පෙරවරුවේ මිහින්තලා පුද බිම වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසූ අවස්ථාවේ කෙටි අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළ අතර .“මිහින්තලා සංදේශය” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණ.
මෙහිදී අනුශාසනා කළ නායක හිමිපාණන් වහන්සේ තවදුරටත් පෙන්වා දුන්නේ සිය නිවස පවා කොළඹ රාජකීය විද්‍යාලයට පවරා දෙමින් මෙරට හෝ පිටරටක එකඳු බිම් අගලකට අයිතියක් නොකියන
පරාර්ථකාමී චරිතයක් වන රනිල් වික්‍රමසිංහ මහතාට රට වෙනුවෙන් වැඩ කිරීමේ අවශ්‍යතාවය සැබවින්ම ඇති බවයි. දේශපාලනය නොදත් ඇතැම් දේශපාලනඥයින් සහ ඇතැම් මාධ්‍යය ද නොයෙකුත් නින්දා, අපහාස එල්ල කළත් ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටී වික්‍රමසිංහ මහතා මාතෘභූමිය කිසිදා නොවූ විරු අසීරුතාවකට පත් වූ අවස්ථාවේ රටටත්, ජනතාවටත් පිහිට වු බව නායක හිමියෝ සිහිපත් කළහ. අපට රටක් තිබුණ ද එම රටේ නීතියක් නොතිබූ බව සඳහන් කළ උන්වහන්සේ නීතිය නැවත රට තුළ ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කළහ.
හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ
උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
The post තුන්කල් දක්නා නුවනින් වැඩකරන ජනාධිපතිතුමාට රට ගොඩගත හැකියි – මිහින්තලා රජමහා විහාරාධිපති හිමි කියයි appeared first on ITN News.