විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන සනත් කනස්සල්ලෙන්
රජයට එරෙහි විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය කනස්සල්ල පළ කර තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජයසූරිය මහතා පවසන්නේ විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදී නීති යටතේ ඇතැමුන් රඳවා තබා ගැනීම දැඩි කනස්සල්ලට කරුණක් බවයි.
ශ්‍රී ලංකාව කෙමෙන් කෙමෙන් කෙමෙන් කෙමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත්, ආපස්සට නොව ඉදිරිය බලා සිටිය යුතු කාලය මෙය බවත් අලුතින් පත් වූ ශ්‍රී ලංකා සංචාරක තානාපතිවරයා පෙන්වා දෙනවා.
“වරදට සමාව දීම මනුෂ්‍ය ක්‍රියාවක්” බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.
The post විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන සනත් කනස්සල්ලෙන් appeared first on ITN News.