වන අලි ප්රහාරයකින් පාසල් සිසුවියක මිය යයි
මිනිපේ හසලක ගගේ යාය ප්‍රදේශයේ දී වන අලි ප්රහාරයකින් පාසල් සිසුවියක මියගොස් තිබෙනවා.
මියගිය තම සොයුරා වෙනුවෙන් විහාරස්ථානයට දානය රැගෙන යමිනි සිටියදීයි දැරිය වන අලි ප්‍රහාරයට ලක්වුණේ. අනුත්තරා ඉදුනිල් නමැති 16 හැවිරිදි සිසුවිය හසලක කිනපැලැස්ස බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. ඇය පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අතර එහි හෙට පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණ සදහා සහභාගිවීමට සූදානම්ව සිට තිබෙනවා.
මෙම පාසල් සිසුවිය විහාරස්ථානයට ගොස් තිබෙන්නේ සිය මව සහ පියා සමගයි. ඔවුන් දෙදෙනා ඉදිරිපිටදීම වන අලියා දැරියට පහරදී ඇති අතර හසලක ග්‍රාමීය රෝහලට සිසුවිය ඇතුළත් කළද ඒ වනවිටත් මියගොස් සිටි බවටයි වාර්තා වුණේ. එම ගම්මානය ආසන්නයේ අලි වැටක් ඉදිකර තිබුණ ද වන අලින් එම අලි වැට පෙරලා නිරන්තරයෙන් ගම්වදින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
The post වන අලි ප්රහාරයකින් පාසල් සිසුවියක මිය යයි appeared first on ITN News.