පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙදසැල් 12 කට නඩු
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙදසැල් 12කට නඩු පැවරීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කළා.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ ස්ථාන 30ක් සදහා දැඩි අවවාද නිකුත් කෙරුණා. කෝට්ටේ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ මහතා ප්‍රකාශ කළේ ඇතැම් වෙළෙදසැල්වල තිබූ ආහාරවල බළල් අසූචි ද මිශ්‍ර වී තිබූ බවයි. එම වෙළද ව්‍යාපාර පවත්වාගෙන ගිය හිමිකරුවන් සදහා කොටුව සහ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරූ අතර ලක්ෂයකට අධික දඩ මුදලක් නියම කෙරුණා. ඔවුන්ට දැඩි ලෙස අවවාද කිරීමටයි පියවර ගැනුණේ.
එමෙන්ම යළිත් එවැනි වැරදි සිදු කළ හොත් වෙළෙදසැල් බලපත්‍රය ද අහෝසි කරන බවයි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ.
The post පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙදසැල් 12 කට නඩු appeared first on ITN News.