ජාතික නෙට්බෝල් කණ්ඩායම ක්රීඩා ඇමති හමුවෙයි
2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සදහා සහභාගී වන ජාතික නෙට්බොල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හා නිළධාරීන් අද (29) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී හමුවුණා.
එහිදී අමාත්‍යවරයා ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කටයුතු හා තරගාවලිය සදහා සූදානම්කර තිබෙන පහසුකම්පිළිබදව විමසීය.
ජාතික නෙට්බෝල් සංගමයේ සභාපතිනී ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ප්‍රකාශ කර සිටියේ කණ්ඩායමේ පුහුණු කටයුතු ඉතා සාර්ථකව සිදු වූ බවත්, සිංගප්පූරුවේ දී අවශ්‍ය සියලුම පහසුකම් ක්‍රීඩා
අමාත්‍යාංශය විසින් ලබා දී ඇති බවත් ය. ක්‍රීඩිකාවන්ගේ ආහාර හා නවාතැන් පහසුකම් පිළිබදව වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ක්‍රීඩිකාවන්ගේ නවාතැන් වෙන් කර ඇති කාමර සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන්නේනම් අමතර කාමරයක් වෙන් කර ගැනීමටත්, ක්‍රීඩිකාවන්ගේ ආහාර සඳහා දිනකට වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් ක්‍රීඩා අරමුදල හරහා වෙන් කර දෙන ලෙසත් අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට එහිදී උපදෙස් ලබා දුණි.
2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සදහා සහභාගී වන ක්‍රීඩිකාවන්
1. ගයන්ජලී අමරවංශ – නායිකා
2. දුලංගි වන්නිතිලක – උප නායිකා
3. තර්ජනී සිවලිංගම්
4. සේමිනී අල්විස්
5. හසිතා මෙන්ඩිස්
6. එම්.ඒ.ඉදුෂා ජනනි පෙරේරා
7. එල්.රෂ්මි දිව්‍යාංජලී පෙරේරා
8. බාෂිනී ද සිල්වා
9. චතුරංගි ජයසූරිය
10. මල්මි හෙට්ටිආරච්චි
11. ගයානි දිසානායක
12. දීපිකා දර්ශනී අබේකෝන්
The post ජාතික නෙට්බෝල් කණ්ඩායම ක්රීඩා ඇමති හමුවෙයි appeared first on ITN News.