ආසියානු කොටස් වෙළෙදපොලත් කඩාවැටෙයි
ආසියානු කොටස් වෙළෙදපොල කඩාවැටීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඇමෙරිකා මහ බැංකුවේ සභාපතිවරයා පොලී අනුපාතයන් ඉහළ දමන බවට නිවේදනය කිරීමත් සමගයි මෙය සිදුව ඇත්තේ.
පොලී අනුපාතයන් ඉහළ දැමීම හරහා සාමාන්‍ය ජනතාවට හා ව්‍යාපාරිකයින්ට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවනවා. එමෙන්ම උද්ධමනය ඉහළ යාම හා ආර්ථික වර්ධන වේගය මන්දගාමී වීමද සිදුවිය හැකි බවයි ඔවුන් පවසන්නේ. එමෙන්ම මිල ස්ථාවරව පවත්වාගෙන යාමට නොහැකිවීම හරහා ලොව විශාලතම ආර්ථිකය පසුබෑමට ලක්විය හැකි බවට ද ඔවුන් අනාවැකි පළකරනවා. අද දිනයේ දී ජපානයේ නිකී 225 දර්ශකය සියයට 2.7 කින් පහත වැටී තිබූ අතර දකුණු කොරියාවේ කොස්පි හා ඕස්ට්‍රේලියාවේ ඒ එස් එක්ස් 200 දර්ශකය ද සියයට 2 කින් පමණ පහත වැටී තිබුණා. එමෙන්ම හොංකොං රාජ්‍යයේ හැන්ග් සෙන්ග් දර්ශකය සියයට 0.8 කින් අවම වී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සිකුරාදා දිනයේ දී නිව්යෝර්ක් කොටස් වෙළෙදපොල සියයට 3 කින් පමණ කඩා වැටීම ද මීට හේතුවී තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළදී ද පොලී අනුපාතිකයින් තවදුරටත් ඉහළ දැමීමට සිදුවන බවටයි ඇමෙරිකා මහ බැංකු සභාපතිවරයා නිවේදනය කරන්නේ.
The post ආසියානු කොටස් වෙළෙදපොලත් කඩාවැටෙයි appeared first on ITN News.