අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට
2022 වසර සදහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත එනම් අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස එය ඉදිරිපත් කරනු ඇති. අද පස්වරු එකට අයවැය කතාව සිදුකිරීමට නියමිතයි. අනතුරුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල්තැබෙන අතර හෙට සිට ලබන 2 වන දින දක්වා සංශෝධිත විසර්ජන පනත්කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙනවා. දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ තුන්වන වර කියවීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතයි.
The post අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට appeared first on ITN News.