2022 BESTWEB.LK සම්මාන උළලේදී ITN මාධ්ය ජාලයට කුසලතා සම්මාන දෙකක්
2022 BESTWEB.LK සම්මාන උලෙළ ඊයේ රාත්‍රියේ අති උත්කර්ශවත් අන්දමින් කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටල් පරිශයේදී පැවැත්වුණා. එහිදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ITN.LK සහ ITNNEWS.LK වෙබි අඩවි කුසලතා සම්මානයට පාත්‍ර වුණා.
12 වන වරටයි “.LK ඩොමේන් රෙජිස්ට්‍රි” ආයතනයයි සම්මාන පිරිනැමීම සිදුකරන්නේ. ඒ අනුව LK වසම් වෙබ්අඩවි අතර හොදම වෙබ්අඩවි තේරීමේ තරඟාවලිය මෙවර ද පැවැත්වුණා. ඒ අනුවයි ITN.LK සහ ITNNEWS.LK වෙබ්අඩවි දෙක සඳහා කුසලතා සම්මාන හිමිවුණේ. ඒ හොඳම මාධ්‍ය, ක්‍රීඩා හා විනෝදාස්වාද වෙබ්අඩවි යන අංශයෙන්. මෙම අංශයේ රන්, රිදී සහ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට මෙවර කිසිවෙකුත් සමත්වී නැහැ. තාක්ෂණය, විශිෂ්ටත්වය, ආකර්ශනය, නිර්මාණශීලීත්වය, උපයෝගීතාව, ජනප්‍රියත්වය, අන්තර්ගතය හා අන්තර් ක්‍රියාවලිය යන නිර්නායක සළකා බලමින් මෙම සම්මාන පිරිනැමීම සිදුවනවා. අංශ 15 ක් යටතේ තරඟාවලිය පැවැත්වුණා. ඒ අනුව සෑම අංශයකින්ම සමස්ත රන් සම්මානය ALUPENTERS.LK හිමිකර ගත්තා. එහි සමස්ත රිදී සම්මානය හිමිවූයේ W15KANDY.LK වෙබ්අඩවියටයි. සමස්ත ලෝකඩ සම්මානය පොල් පර්යේෂණ ආයතනයේ CRI.GOV.LK වෙබ්අඩවියට හිමිවුණා.
ප්‍රධාන ආරාධිතයා ලෙස ඇක්සියාටා ඩිජිටල් ලැබ් ප්‍රධාන විධායක නිලධාරී තුෂාර කවුදවත්ත මහතා සම්මාන උලෙළට සහභාගී වූ අතර එල් කේ ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ සභාපති දුමින්ද්‍ර රත්නායක, ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහාන් ඩයස්, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හසන්ත හෙට්ටිආරච්චි, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉන්ජිනේරු) සංජීව නෝනිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
The post 2022 BESTWEB.LK සම්මාන උළලේදී ITN මාධ්ය ජාලයට කුසලතා සම්මාන දෙකක් appeared first on ITN News.