ඉන්දීය මහකොමසාරිස් කතානායක හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහත කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වුණා.
පාර්ලිමේන්තුවේ පැවති මෙම හමුවේදී දෙරට අතර සංචාරක සබදතා වර්ධනය කිරීම සහ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබද සාකච්ඡා කෙරුණා.
ඉන්දීය රජය නිරතුරුවම ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී ඉන්දීය මහකොමසාරිද්වරයාට ස්තුතිය පල කළා.
දෙපාර්ශ්වීය සබදතා විවිධ අංශවලින් තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු වුණා.
The post ඉන්දීය මහකොමසාරිස් කතානායක හමුවෙයි appeared first on ITN News.