සනත් නිශාන්තට නොතීසි
අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය සනත් නිශාන්ත මහතාට නොතීසි නිකුත් කළා.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සම් දෙක අභියාචනාධිකරණය හමුවේ කැදවනු ලැබුවා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි උපුල් ජයසූරිය හා සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරුන් කළ කරුණු දැක්වීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සළකා බැලීමට ලබන 13 වනදා කැදවන ලෙස නියෝග කළා.
ඉන් අනතුරුවයි වගඋත්තරකාර සනත් නිශාන්ත මහතාට එදින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින් විනිසුරු මඩුල්ල නොතීසි නිකුත් කළේ.
The post සනත් නිශාන්තට නොතීසි appeared first on ITN News.