How can Sri Lankan charities find international donors and partners?

රටට ඩොලර් ගෙනෙන රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්යාපෘතිය

- itnnews.lk

ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා ස්ථාපිත කර තිබෙන කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය මේ වනවිට ඉතාමත් සාර්ථක තත්ත්වයට පත්ව තිබෙනවා.

මෙම ඇඹුල් කෙසෙල් වගාව ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉළක්ක කර ගනිමින් ස්ථාපිත කර තිබෙන අතර  ඇඹුල් කෙසෙල් වගා කිරීම, අස්වනු නෙලා ගැනීම, ඇසුරුම්කරණය ආදි සියලු කටයුතු අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුව සිදු කිරීම සඳහා එම ගොවීන්ට විද්‍යාත්මක හා තාක්ෂණික පුහුණුව ද ව්‍යාපෘතිය මගින් සපයා දී තිබේ.

කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා මෙම ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා රාජාගංනයට ගියේය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක හා ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකොන් මහතා ද ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම වගාව මගින් වාර්ෂිකව දේශීය වෙළෙදපොලට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 152,264ක් සපයනු ලබයි. එමෙන්ම විදේශීය රටවල් කිහිපයකට මෙම ඇඹුල් කෙසෙල් සපයන අතර මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 600-700 අතර මිල ගණන් යටතේ අලෙවි කෙරේ. මෙම වසරේ මුල් මාස හය තුළ  ඇඹුල් කෙසෙල් අපනයනය මගින් ඇමරිකානු ඩොලර් 28000ක මුදලක් රටට උපයා දීමට රාජංගනයේ ඇඹුල් කෙසෙල් වගා කරන ගොවීහු සමත්ව ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ රොහාන් විජේකොන් මහතා සඳහන් කළේය.

දැනට රාජංගනයේ ගොවීන් 642ක් ඇඹුල් කෙසෙල් වගාව සඳහා තෝරාගෙන ඇති අතර මේ වනවිට ගොවීන් 160ක් වගාව ආරම්භ කර තිබේ. තෝරා ගන්නා ලද ගොවීන් සියලු දෙනා ඇඹුල් කෙසෙල් වගාවේ යෙදවීම මෙම ව්‍යාපෘතියේ ඉළක්කය වේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිඅංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කර තිබෙන දේශීය ගොවි ජන ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙළ මේ වනවිට දිස්ත්‍රික් ගණනාවක විවිධ ව්‍යාපෘති හඳුන්වා දෙමින් ක්‍රියාත්මක වන බව සඳහන් කළේය.

ගොවි ජනතාව සාම්ප්‍රධායික රාමුවක සිර වී සිදු කරන කෘෂිකර්මාන්තය නිසා ඔවුන්ට ආදායම් ලැබීම අසීරු වී තිබේ. එහෙත් කෘෂිකර්මාන්තයේ නව දැනුම හා තාක්ෂණය, නව බීජ යොදා ගැනීම මගින් ගොවින්ට සීමිත ඉඩකඩකින් පවා ඉහළ ආදායමක් ලබා ගැනීමට ඇති හැකියාව රාජාංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය තුළින් මනාව විද්‍යමාන වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

The post රටට ඩොලර් ගෙනෙන රාජාංගනය ඇඹුල් කෙසෙල් වගා ව්යාපෘතිය appeared first on ITN News.

You may also like

- island.lk

State Minister of Tourism Diana Gamage revealed plans to designate 49 additional tourist destinations as official tourist zones and that the locations will be published in the government  gazette within a month as part of the on-going efforts to boost tourism. The state minister made the revelation during a press conference held at the Presidential […]

- island.lk

President Ranil Wickremesinghe reiterated the government’s commitment to maximizing the contribution of agriculture to the country’s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation, a significant export crop in the country’s history, as part of the agricultural modernization initiative. President Ranil Wickremesinghe made these remarks...

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has denounced the recent statement issued by the Minister of Public Security Tiran Alles at the Katukurunda STF training camp s passing out parade, which garnered widespread attention across various media platforms.

- adaderana.lk

President Ranil Wickremesinghe reiterated the government s commitment to maximizing the contribution of agriculture to the country s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation as part of the agricultural modernization initiative.

- adaderana.lk

Police Spokesman DIG Nihal Thalduwa says that the use of drone cameras is prohibited at May Day rally locations country-wide, without obtaining prior permission.

- adaderana.lk

Veteran musician Dr. Premadasa Mudunkotuwa has passed away on Monday at the age of 91, family members confirmed.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc