මාස 06කට නිකුත් කළ රියදුරු බලපත්ර වසරක කාලයක් සඳහා දීර්ඝ කෙරෙයි
තාවකාලිකව නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයේ වලංගු කාලය මාස 06ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
දෙපාර්තමේන්තුව විසින් තාවකාලිකව නිකුත් කරන ලද රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක කාලයක් දක්වා දීර්ඝ කර ඇත.
මාස 06ක තාවකාලික බලපත්‍ර ඇති අයට එම බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කර ගැනීම සඳහා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට හෝ ඔවුන්ගේ දිස්ත්‍රික් කාර්යාලවලට පැමිණෙන ලෙස උපදෙස් දී තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ දැනට බලපත්‍ර නිකුත් කරන්නේ රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් බවයි.
The post මාස 06කට නිකුත් කළ රියදුරු බලපත්ර වසරක කාලයක් සඳහා දීර්ඝ කෙරෙයි appeared first on ITN News.