කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්යාපෘතියේ පළමුවෙන අදියරේ ඉදිකිරීම් 2024දී අවසන්
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් පිළිබඳ ප්‍රගතිය සාකච්ඡා කිරීමේ හමුවක් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම පර්යන්තයේ පළවන අදියරේ ඉදිකිරීම් අවසන් කර 2024 වසරේ දී මෙහෙයුම් ක්‍රියාත්මක කළ හැකි බවයි ව්‍යාපෘතියේ ආයෝජකයින් අමාත්‍යවරයාට දැනුම් දුන්නේ.
කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්යාපෘතියේ පළමුවෙන අදියරේ ඉදිකිරීම් යටතේ මීටර් 800ක දිග සහ මීටර් 20ක් ගැඹුරින් යුතු ජැටියක්, බහාලුම් ලක්ෂ 16ක් පමණ මෙහෙයවිය හැකි පර්යන්තයක්, අර්ධ ස්වයංක්‍රීය දොඹකර 08ක් සවිකොට බහාලුම් 2400ක් පමණ රැගෙන යා හැකි ලොව විශාලතම නෞකා මෙහෙයුම් කටයුතු සිදු කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය 2025 වසර අවසන් වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ආයෝජකයින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නා. සමස්ත ව්‍යාපෘති සදහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 700ක්.
The post කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්යාපෘතියේ පළමුවෙන අදියරේ ඉදිකිරීම් 2024දී අවසන් appeared first on ITN News.