IMF වැඩසටහනේ සැලසුම් ලබන 23 වනදා ණය හිමියන් වෙත
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම්වලට එළඹ ඇති ණය සහන පැකේජය සහ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේ ඉදිරි සැළසුම් පිළිබද ශ්‍රී ලංකාව විසින් සිය ජාත්‍යන්තර ණය හිමියන් දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.
අදාළ දැනුවත් කිරීම ලබන සිකුරාදා(23) සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකාව තෝරාගත් මූල්‍ය නීති උපදේශක ආයතනයක් වන ක්ලිපර්ඩ් චාන්ස් සමාගම හරහා මුදල් අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමිනුයි මේ බව සදහන් කර තිබෙන්නේ.
මාර්ගගත ක්‍රමවේද හරහා ණය හිමියන් සමග සම්බන්ධවීම සිදුකෙරෙනවා. ඊට සහභාගිවන සියලු දෙනාට අදහස් දැක්වීමට ද අවස්ථාව ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ.
The post IMF වැඩසටහනේ සැලසුම් ලබන 23 වනදා ණය හිමියන් වෙත appeared first on ITN News.