අධ්යාපන ක්ෂේත්රයටත් ජාත්යන්තර ආධාර
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අධ්‍යාපනය සදහා වන ජාත්‍යන්තර මූල්‍ය පහසුකම යටතේ ආධාර ලැබෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එක්සත් ජාතීන්ගේ 77 වන මහා සමුළුවට සමගාමීව අධ්‍යාපන පරිවර්තන සමුළුව නිව්යෝක් හිදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊට එක්වුණා. ගෝලීය අධ්‍යාපන අර්බුදයට විසදුම් සෙවීම මෙම සමුළුවේ අරමුණයි. රාජ්‍ය නායකයින් සහ ලොව රටවල් රැසක අධ්‍යාපන අමාත්‍යවරුන් ඊට එක්ව සිටියා. අධ්‍යාපනය සදහා වන ජාත්‍යන්තර මූල්‍ය පහසුකම මෙහිදී එළිදැක්වුණා. කොවිඩ් බලපෑමෙන් සහ ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ පීඩා විදින රටවල අධ්‍යාපනය නගාසිටුවීම සදහා මෙමගින් මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතයි. ඒ අනුවයි ශ්‍රී ලංකාවට ද අදාළ ආධාර මුදල් ලැබීමට නියමිතව ඇත්තේ.
The post අධ්යාපන ක්ෂේත්රයටත් ජාත්යන්තර ආධාර appeared first on ITN News.