ආසියානු කුසලාන තරග නිලධාරිනියන් අතරට ශ්රී ලාංකිකයින් තිදෙනෙකුත්
බංග්ලාදේශයේදී ලබන මස පැවැත්වීමට නියමිත කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජජනය කරමින් විනිසුරුවරියන් දෙදෙනකු සහ එක් තරග තීරකවරියක සහභාගිවීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ තෙවැනි ශ්‍රේණියේ විනිසුරුවරියන් දෙදෙනෙකු වන දේදුණු ද සිල්වා සහ නිමාලි පෙරේරා තරග විනිසුරුවරියන් ලෙසින් සහභාගිවන අතර වෙනේසා ද සිල්වා තරග තීරකවරිය ලෙස සහභාගිවනු ඇත.
විනිසුරුකරණයේ නියැළෙන කාන්තාවන් දෙදෙනාත් තරග තීරකවරියත් දේශීය කාන්තා ක්‍රිකට් තරග වලට අමතරව දේශීය පිරිමි පළමු පෙළ තරග පවා විනිසුරුකරණයේ නියැළෙමින් ඒ පිළිබඳව හසළ පලපුරුද්දක් ඇති විනිසුරුවරියන් දෙපළක් වෙති.
ආසියානු කුසලාන ක්‍රිකට් තරාවලිය ලබන ඔක්තෝම්බර් 01 වැනිදා සිට 16 වැනදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙනු ඇත.
The post <strong>ආසියානු කුසලාන තරග නිලධාරිනියන් අතරට ශ්රී ලාංකිකයින් තිදෙනෙකුත්</strong><strong></strong> appeared first on Sri Lanka Cricket.