චීනය ඉක්වදෝරයට ලබාදී ඇති ණය ප්රතිව්යුහගත කිරීමට එකඟතාව
චීනය ඉක්වදෝරයට ලබාදී ඇති ණය ප්රතිව්යුහගත කිරීමට එකඟතාව පළකර තිබෙනවා.
චීන ණය ප්‍රතිව්‍යුගත කිරීම යටතේ ඇමෙරිකා ඩොලර් බිලියන 1.4 ක මුදලක් ගෙවීමට 2025 වසර දක්වා සහන කාලය ලබාදී තිබෙනවා.
පසුගිය දශකය තුළදී ඉක්වදෝරයේ ප්‍රධානතම ආර්ථික සහායකයා වූයේ චීනයයි. චීනයේ සංවර්ධන බැංකුව හා චීනයේ ආනයන අපනයන බැංකුව සමග පිළිවෙළින් ඇමෙරිකා ඩොලර් බිලියන 1.4 ක හා ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුතු ණය පහසුකම් සදහා ඉක්වදෝරය ගිවිසුම්ගතව තිබෙනවා.
එම ණය කල්පිරීම දීර්ඝ කිරීමට චීනය එකගත්වය පළකර තිබෙනවා. එමෙන්ම චීනය ඉක්වදෝරය සමග දීර්ඝ කාලීන ඛණිජ තෙල් සැපයීමේ ගිවිසුම්වලට එළඹ සිටින අතර එම ගිවිසුම්වල අන්තර්ගත ප්‍රමාණයන් ඉක්මවා චීනයට ඛණිජ තෙල් සැපයීමේ හැකියාව ද නව ගිවිසුම් හරහා ඉක්වදෝරයට හිමිවනවා.
The post චීනය ඉක්වදෝරයට ලබාදී ඇති ණය ප්රතිව්යුහගත කිරීමට එකඟතාව appeared first on ITN News.