ඇමෙරිකා යුද නෞකාව දකුණු කොරියා මුහුදු සීමාවට
ඇමෙරිකා එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන් නමැති යුද නෞකාව දකුණු කොරියා මුහුදු සීමාවට පැමිණ තිබෙනවා.
උතුරු කොරියාවට අනතුරු ඇගවීමේ අරමුණෙන් රොනල්ඩ් රේගන් නෞකාව පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇමෙරිකා හමුදා දකුණු කොරියා මුහුදු සීමාව තුලදී විශේෂ යුද අභ්‍යාසයකද නිරතවීමට නියමිතයි.
මෙවැනි විශාල පරිමාණයේ ඇමෙරිකා යුද නෞකාවක් දකුණු කොරියා මුහුදු සීමාවකට පැමිණියේ වසර 4කට පසුවයි. නෞකාව පැමිණීම සහ ඒකාබද්ධ යුද අභ්‍යාස සිදුකිරීම තමන් හෙලා දකින බව උතුරු කොරියාව නිවේදනය කළා.
The post ඇමෙරිකා යුද නෞකාව දකුණු කොරියා මුහුදු සීමාවට appeared first on ITN News.