චීන මාධ්ය සමූහය ‘දස වසක හරස්කඩ’විශේෂ වැඩසටහන් මාලාවේ බහු භාෂා සංස්කරණ එළිදක්වයි
චීන මාධ්ය සමූහය විසින් නිෂ්පාදනය කරනු ලැබූ ‘දස වසක හරස්කඩ’ විශේෂ වැඩසටහන් මාලාවේ බහු භාෂා සංස්කරණ එළිදැක්වීමේ උළෙල පැවැත්වේ.
30 වැනිදා බෙයිජිංහි පැවති උළෙලට, චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ පුවත් අංශ ප්‍රධානී මාෂියා ඕගුවන් මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂජනරාල්වරයා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වූහ.
අද දිනයේ සිට ‘දස වසක හරස්කඩ’විශේෂ වැඩසටහන් මාලාවේ බහු භාෂා සංස්කරණ, චීන මාධ්‍ය සමූහයට අයත් චීන ජාත්‍යන්තර රූපවාහිනී සේවයේ (CGTN), ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි හා රුසියානු භාෂා නාලිකාවන්හි විකාශය ආරම්භ කෙරේ. CGTN, CRI Online, CCTV වෙබ්අඩවි මෙන්ම බහු භාෂා ජංගම දුරකථන මෘදුකාංග හා සමාජ මාධ්‍ය ඔස්සේ ඒවාට සරිලන අයුරින් සම්පාදනය කෙරුණු සංස්කරණද විකාශය කිරීමට නියමිතය.විදේශ රටවල ප්‍රධාන මාධ්‍ය ආයතන සමග සහ යෝගතාවෙන් එහි ගෝලීය ආවරණය පුළුල් කිරීමටද අපේක්ෂිතයි.
The post චීන මාධ්ය සමූහය ‘දස වසක හරස්කඩ’විශේෂ වැඩසටහන් මාලාවේ බහු භාෂා සංස්කරණ එළිදක්වයි appeared first on ITN News.