උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට
බාධා එල්ල වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වැල්ලව දුම්රිය ස්ථානයේදී ඊයේ රාත්‍රියේදී පීලි පැනීමකට ලක් වුණා.
ඒ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වූ මෙම දුම්රිය පීලි පැනීමත් සමග කඩිනමින් ක්‍රියාත්මක වූ දුම්රිය නිලධාරීන් කොළඹ සිට ගමන් ගන්නා දුම්රිය කුරුණෑගල දක්වාත් යාපනය මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ගමන් ගන්නා දුම්රියන් මහව දක්වාත් සීමා කිරීමට කටයුතු කළා.
පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලි ගත කර මාර්ගය යථා තත්ත්වයට පත් කෙරුණු අතර උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
The post උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට appeared first on ITN News.