සනත් නිශාන්තට අභියාචනාධිකරණයෙන් සිතාසි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන 13 වනදා පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙත අභියාචනාධිකරණය සිතාසි නිකුත් කළා.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි මෙම සිතාසිය නිකුත් කෙරුණේ. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියා. ඔහු කියා සිටියේ වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා මහේස්ත්‍රාත්වරුන්ගේ ඇප ලබාදීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කර ඇති බවයි. ඇප ලබාදිමේ ක්‍රියාවලිය නිසා නීතියේ ආධිපත්‍ය බිද වැටෙන බවට ඔහු සඳහන් කර ඇති බවද නීතිඥවරයා පැවසුවා. මෙම චෝදනාව සම්බන්ධයෙන්ම තවත් නීතිඥවරුන් දෙදෙනෙකු ගොනු කළ පෙත්සම් දෙකක් ද ලබන 13 වනදා කැදවීමට නියමිතයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදලින් රුපියල් මිලියන 39 කට අධික මුදලක් අවභාවිත කළ බවට වන නඩුවේ සැකකාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට විදේශගතවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නා. රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට සහභාගී විමට අවසර දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව ලබන 21 වනදා දක්වා විදේශගතවීමට අධිකරණය අවසර ලබා දුන්නා.
The post සනත් නිශාන්තට අභියාචනාධිකරණයෙන් සිතාසි appeared first on ITN News.