How can Sri Lankan charities find international donors and partners?

වැවිලි කර්මාන්ත අමාත්යාංශයේ ස්ටාර් ව්යාපෘතිය ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියගේ ඇගයීමට

- itnnews.lk

රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම නියෝජිතායතනයේ එක්සත් ජනපද නිත්‍ය නියෝජිත, තානාපති ජූලි සින්ඩි මැකේන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමරිකානු තානාපති ජූලි චුන්ග් මහත්මීන්, කෘෂිකර්ම සංවරධනය සදහා ජාත්‍යන්තර අරමුදලෙහි IFAD ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා අධ්‍යක්ෂිකා, කුඩා තේ සහ රබර් වතු පුනර්ර්ජීවන ව්‍යාපෘතිය හෙවත් ස්ටාර් ව්‍යාපෘතියේ නිලධාරීන් සහ මහනුවර දිස්ත්‍රික්කයේ ස්ටාර් ව්‍යාපෘති ප්‍රතිලාභී කුඩා තේ වතු හිමියන් පිරිසක් සමඟ රැස්වීමකට සහභාගී විය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO), එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) සහ කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ (IFAD) සහායෙන් ශ්‍රී ලංකාවේ වයඹ සහ මධ්‍යම පළාත්වල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක නිරීක්ෂණ නිල චාරිකාවක නිරතවන අතරතුර ඔවුන් මේ මස 28 වනදා මහනුවරදී මෙම රැස්වීමට සහභාගී විය.

ස්ටාර් ව්‍යාපෘතිය යනු වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ (IFAD) සහයෙන් ක්රියාත්මක වන ප්‍රධාන රාජ්‍ය ව්‍යාපෘතියකි.

වත්මන් ආර්ථික අර්බුදය තුළ පොහොර ඇතුළු කෘෂිකාර්මික යෙදවුම් හිඟය සහ එම යෙදවුම් සඳහා යන ඉහළ පිරිවැය හේතුවෙන් උද්ගතව ඇති අභියෝගවලට තේ සහ රබර් කුඩා
වතු හිමියන් ස්ටාර් ව්‍යාපෘතියේ සහය යටතේ මුහුණ දෙන ආකාරය පිළිබඳව තානාපතිවරු සාකච්ඡා කළහ. කුඩා තේ වතු සංවර්ධන සමිති නියෝජනය කරනමින් මෙම අවස්ථාවට
සහභාගී වූ ස්ටාර් ව්‍යාපෘති ප්‍රතිලාභීන් ගෙවතු වගාව, සත්ත්ව පාලනය, තේ සහ රබර් වගාවන් යටතේ සිදුකරන අතුරු බෝග වගාව, ආදී ක්රියාකාරකම් හරහා තම ආදායම විවිධාංගීකරණය කිරීම සඳහා ස්ටාර් ව්‍යාපෘතිය මඟින් ලබා දෙන ආරම්භක සහය තුළ තමන් මෙම අර්බුදයට ශක්තිමත්ව මුහුණ දෙන බව පැහැදිලි කරන ලදි.

ව්‍යාපෘතියේ ග්‍රාමීය මූල්‍ය වැඩසටහන හා ගැලපුම් ප්රධානයන් හරහා මෙවැනි ආදායම් උත්පාදන කටයුතු ඇතුලු තවත් බොහෝ ක්‍රියාකාරකම් මේ වන විට භූමියේ ප්‍රතිඵල
නිර්මාණය කරමින් ඇති බව ස්ටාර් ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ජන්ක අමරසිංහ මහතා රැස්වීමේදී අවධාරණය කළේය.

සාම්ප්රදායික නොවන ප්රදේශවල හේන් වගා කරන ගොවීන්ගේ සහ කුඩා තේ වතු හිමියන්ගේ තිරසාර ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා පැරණි තේ ඉඩම්වල ඵලදායිතාව ඉහළ නැංවීම සහ රටේ සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල රබර් නව වගාව ප්‍රවර්ධනය කිරීම ස්ටාර ව්‍යාපෘතියේ ප්රධාන සංවර්ධන වැඩසටහන් වේ.

ඵලදායි අඩු පැරණි තේ ඉඩම්වලින් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි පරිදි නව තේ ප්රබේද භාවිතයෙන් තේ නැවත වගා කිරීමට සහය වීම, රබර් සැපයුම් දාමය වැඩිදියුණු කිරීම සඳහා සාම්ප්රදායික නොවන ප්රදේශවල රබර් නව වගාව ප්‍රවර්ධනය කිරීම, හා ග්රාමීය මූල්‍යකරණ හරහා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ඔවුනට සහයවීම 2016 වසරෙ පටන් ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වේ.

තවද, ව්‍යාපෘති සහය හා මග පෙන්වීම මත කුඩා තේ සහ රබර් වතු හිමියන්ට තම තේ සහ රබර් ඉඩම්වල ඵලදායිතාව ඉහළ නැංවීමට හැකි වන පරිදි නව
තාක්‍ෂණය භාවිතයන්ට යොමුවීමට ද ව්‍යාපෘතිය උපකාරී වේ.

අද වන විට ස්ටාර් ව්‍යාපෘතිය යටතේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සහ තේ පර්යේෂණ ආයතනයේ අනුග්‍රහය ඇතිව දිස්ත්‍රික්ක හයක හෙක්ටයාර් 2500 ක තේ නැවත වගා කිරීමද, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා රබර් පර්යේෂණ ආයතනයේ තාක්ෂණික මගපෙන්වීම යටතේ අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්ක දෙකෙහි හෙක්ටයාර් 3000ක රබර් නව වගාවක් ද අවසන් කර ඇත.

මේ අතරින් නව රබර් වතු හිමියන් 64 දෙනෙකු විසින් ව්‍යාපෘති සහය යටතේ දැනටමත් හෙක්ටයාර 44 ක රබර් කිරි කැපීම ආරම්භකර ඇත.

STAR ව්‍යාපෘතිය නිවාස 32,000ක් ඉලක්කකර ගනිමින් කුඩා තේ වතු හිමියන්ගේ ඉඩම් හෙක්ටයාර 4,500ක තේ නැවත වගාව සිදුකිරීම සහ හෙක්ටයාර 3000ක අලුතින් රබර් වගා
කිරීම සඳහා කාර්‍යකෂම ක්‍රමවේදයන් හඳුන්වා දීමට අරමුණු කරයි.

තේ සහ රබර් සංවර්ධනය පුනර්ජීවනය කිරීම තුළින් කුඩා තේ රබර වතු හිමියන්ගේ ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ ආදායම වැඩි කිරීම සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.

කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ (IFAD) සහ ශ්‍රී ලංකා රජයේ මුල්‍ය ආධාර ඇතිව ස්ටාර් ව්‍යාපෘතිය 2016 වසරේ සිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 8 ක ක්‍රියාත්මක වෙි.

මේ අනුව කුඩා තේ වතු හිමියන්ගේ ඵලදායිතාව අඩු පැරණි තේ ඉඩම්වල තේ නැවත වගා කටයුතු ගාල්ල, මාතර, රත්නපුර, බදුල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ක්රියාත්මක වේ.

සම්ප්‍රදායික නොවන ප්‍රදේශවල රබර් නව වගා කටයුතු මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක වල ක්රියාවට නැංවේ.

මෙමගින් ස්ටාර් ව්‍යාපෘතියෙ හි දිස්ත්‍රික්ක 8 තුළ නිවාස 32000 කට ප්‍රතිලාභ ලැබේ. ව්‍යාපෘතිය සඳහා කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ දායකත්වය ඇමරිකානු ඩොලර් මිලියන 25.7 කි.

The post වැවිලි කර්මාන්ත අමාත්යාංශයේ ස්ටාර් ව්යාපෘතිය ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියගේ ඇගයීමට appeared first on ITN News.

You may also like

- island.lk

State Minister of Tourism Diana Gamage revealed plans to designate 49 additional tourist destinations as official tourist zones and that the locations will be published in the government  gazette within a month as part of the on-going efforts to boost tourism. The state minister made the revelation during a press conference held at the Presidential […]

- island.lk

President Ranil Wickremesinghe reiterated the government’s commitment to maximizing the contribution of agriculture to the country’s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation, a significant export crop in the country’s history, as part of the agricultural modernization initiative. President Ranil Wickremesinghe made these remarks...

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has denounced the recent statement issued by the Minister of Public Security Tiran Alles at the Katukurunda STF training camp s passing out parade, which garnered widespread attention across various media platforms.

- adaderana.lk

President Ranil Wickremesinghe reiterated the government s commitment to maximizing the contribution of agriculture to the country s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation as part of the agricultural modernization initiative.

- adaderana.lk

Police Spokesman DIG Nihal Thalduwa says that the use of drone cameras is prohibited at May Day rally locations country-wide, without obtaining prior permission.

- adaderana.lk

Veteran musician Dr. Premadasa Mudunkotuwa has passed away on Monday at the age of 91, family members confirmed.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc