කැස්බෑවෙකු මරා මස් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට
වනාතවිල්ලුව සේරක්කුළිය වෙරළ තීරයේ සැරසරමින් සිටි දුර්ලභ ගනයේ ගැහැණු කැස්බෑවෙකු මරා මස් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වනාතවිල්ලුව වනජීවී ඒකකයේ නිලධාරිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ දැඩි ආරක්ෂිත සත්වයෙකු ලෙස කැස්බෑවා නම් කර තිබෙනවා. කැස්බෑවන් වසර මිලියන හයක පමණ කාලයක සිට සංරක්ෂිත සත්වයෙකු ලෙසයි නම් කර ඇත්තේ.
රතු දත්ත පොතේ වද වී යාමේ තර්ජනයකට ලක්ව ඇති සත්වයෙකු ලෙසද කැස්බෑවා සදහන් වනවා. ඉතා සූක්ෂම ලෙස දැල් ආම්පන්න භාවිතයෙන් වෙරළ තීරයට පැමිණෙන කැස්බෑවන් මරා අලෙවි කිරීමේ කූඨ ජාවාරමක මොවුන් නිරත වී ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
The post කැස්බෑවෙකු මරා මස් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.