තිළිණි ප්රියමාලි සමඟ මුදල් ගණුදෙනු කළ පිරිස ගැන පරීක්ෂණයක් ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කෝටිපති ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි ප්රියමාලි සමඟ මුදල් ගණුදෙනු කළ පිරිස සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.
සැකකාර කාන්තාවගේ ආයතනයේ මුදල් ආයෝජනය කළ දේශපාලනඥයන්, නළු නිළියන්, පූජ්‍ය පක්ෂය ඇතුළු බොහෝ දෙනෙකුගේ නම් මේ වනවිට ප්‍රකාශ වෙමින් තිබෙනවා.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන් හා භික්ෂූන් වහන්සේගෙන් කෝටි ගණනක මුදල් ඇය වංචා කර තිබෙනවා. එමෙන්ම විවිධ පුද්ගලයන් මෙම ස්ථානයේ මුදල් ආයෝජනය කළ පසු ඒවා නැවත ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවන් ඉල්ලා සිටි අවස්ථාවලදී ගනුදෙනුකරුවන් සමඟ අයුතු ලෙස හැසිරීමට ප්‍රසිද්ධ නිළියන් පවා යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙසේ මුදල් වංචා කළ සැකකාර කාන්තාවගේ ආයතනයේ මුදල් ආයෝජනය කළ පුද්ගලයන්ගේ ලැයිස්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මෙන්ම හිටපු මැති ඇමතිවරුන්, අරගලයට සම්බන්ධ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක හා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. හිටපු ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකුද මේ අතර සිටින බවයි වාර්තා වන්නේ. සැකකාරියට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාරික ස්ථාන පවතින බවට ප්‍රකාශ කළද ඒවාද මේ වනවිට බංකොළොත් වී ඇති බවයි ප්‍රකාශ වන්නේ. මේ සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට නවවන සේනාංකයේ නායක ඩෑන් ප්‍රියසාද් පොලිස් මූලස්තානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
The post තිළිණි ප්රියමාලි සමඟ මුදල් ගණුදෙනු කළ පිරිස ගැන පරීක්ෂණයක් ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් appeared first on ITN News.