ලෝ වැසියන් මිලියන 700 ක් අන්ත දුගීන් වෙලා – යුනෙස්කෝවෙන් හෙළිදරව්වක්
ලොව පුරා මිලියන 700කට අදික පිරිසක් අන්ත දුගී භාවයට පත්ව සිටින බව යුනේස්කෝ සංවිධානය නිවේදනය කරනවා.
රුසියා යුක්‍රේන යුද ගැටුම්, උද්දමනය ඉහළ යාම, දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව බොහෝ පිරිසක් අන්ත දුගී භාවයට පත්ව ඇති බවයි යුනේස්කෝ සංවිධානය පෙන්වා දෙන්නේ. ආහාර, ඖෂධ, ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහළ යාමත් සමඟ ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. අන්ත දුගී භාවයට පත්ව සිටින දරුවන්, කාන්තාවන් හා පිරිමින් හට එම තත්ත්වයෙන් මිදීමට ලොව සෑම පුරවැසියෙකුම තම උපරිම දායකත්වය ලබා දිය යුතු බවයි යුනෙස්කෝ සංවිධානය අවධාරණය කරන්නේ. මේ අතර ලොව පුරා ළමුන් බිලියනයකට වැඩි සංඛ්‍යාවකට ඔවුන්ගේ මුලික අවශ්‍යතා සපුරා ගැනීමේ ප්‍රවේශයන් නොමැති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එම ළමුන් බහුමාන දාරිද්‍රතාවයෙන් ජිවත් වන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
The post ලෝ වැසියන් මිලියන 700 ක් අන්ත දුගීන් වෙලා – යුනෙස්කෝවෙන් හෙළිදරව්වක් appeared first on ITN News.